මාරවිල මහජන පුස්තකාලයේ ඉතිහාසය .......
වයඹ පලාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදිවූ පුස්තකාලයක් ලෙස 1975 වර්ෂයේ මාරවිල මහජන පුස්තකාලය විවෘත කෙරුණු ලැබිනි. එවකට පලාත් පාලන කොමසාරිස්ව සිටි වෝල්ට එඩ්ගා ප්‍රනාන්දු මහතාගේ අදහසකට අනුව නාත්තන්ඩිය සුළු නගර සභාව මගින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පුංචි කියවීම් ශාලාවක් ලෙස ඇරඹි මෙම පුස්තකාලය කල්යත්ම මෙයට යම් පොත් ප්‍රමාණයක් එකතු වීමත් සමඟ එයින් ප්‍රයෝජන ගනු ලැබූ ජනතාවට නව බලාපොරොත්තු ඇති කල අතර, අධ්‍යාපනය ලබන්නන්ට එය මහඟු පිටිවහලක් විය.
එවකට මාරවිල ග්‍රාමයේ පිහිටි ප්‍රධාන විදුහල්වූ මාරවිල බාලිකා විදුහල, ශා. සේවියර් මහා විද්‍යාලය, මූදුකටුව ප්‍රාථමික විදුහල වැනි විදුහල්හි අධ්‍යාපනය ලැබූ සිසු පිරිසට අධ්‍යාපනය සඳහා වූ පොත් පත් ලබා දෙමින් ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ජනතාවක් බිහිකිරීම සඳහා මෙම පුස්තකාලය දායකත්වය ලබා දෙනු ලැබීය.
මෙසේ ක්‍රමයෙන් දියුණුවට පත්වූ පුස්තකාලය, පුස්තකාල සහයිකාවන් 2 ගේ පාලනය යටතේ සංවර්ධනය වෙමින් පැවති සමයේ එනම්, වර්ෂ 2010 ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය විසින් තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක් බවට පත්කරන ලදී. ඉන්පසු ප්‍රාදේශීය සභා පිහිටුවා (1988) මේවායේ පාලනය එම ප්‍රාදේශීය සභාවට පැවරීමත් සමඟ පුස්තකාලය සීග්‍ර වර්ධනයකට මුල පුරන ලදී. ප්‍රාදේශී්‍ය සභා පිහිටුවීමත් සමඟ පුස්තකාල ක්ෂේත්‍රයට නව ජීවයක් ලැබූ අතර, පුස්තකාලයට වාර්ෂිකව පොත් ලබා දීම, පුස්තකාල ප්‍රවර්ධන කටයුතු පරීක්ෂා කිරීම හා වාර්ෂිකව පුස්තකාල සමීක්ෂණ කටයුතු සිදුකිරීම හා මාසිකව පුස්තකාල අධීක්ෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. පුස්තකාල පොත් ප්‍රමාණය වාර්ෂිකව වර්ධනය වීමත් සමඟ පුස්තකාලය තුල ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව වටහා ගත්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ නව පාලනාධිකාරිත්වය වර්ෂ 2005 වූ නොවැම්බර් මස නව දෙමහල් ගොඩනැගිල්ල කරා පුස්තකාලය රැගෙන එන අතර, එය නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට එහි පාලනය භාරව කටයුතු කරනු ලබන සේවක මණ්ඩලය කටයුතු කරන ලදී.
මෙම සංවර්ධිත සමයේදී වයඹ පලාත් පාලන කොමසාරිස් තුමා විසින් අරඹන ලද, වයඹ පලාත් අන්තර් පුස්තකාල කාර්ය සාධන තරඟය සඳහා ඉදිරිපත් වීම ඇරඹූ අතර, ක්‍රමිකව ජයග්‍රහන ලබා ගැනීම් පහත අයුරින් සිදුවිය.
·
වයඹ පළාත් කාර්යය සාධන තරඟාවලියේ III
වන
ශ්‍රේණියේ තෙවන ස්ථානය - 2013
·
වයඹ පළාත් කාර්යය සාධන තරඟාවලියේ III
වන
ශ්‍රේණියේ දෙවන ස්ථානය - 2014
·
වයඹ පළාත් කාර්යය සාධන තරඟාවලියේ III
වන
ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය - 2016
· යන ස්ථාන ලබා ගත් අතර, ඉන් අනතුරුව මාරවිල මහජන
පුස්තකාලය III වන ශ්‍රේණියෙන් 2019/02/26 දින II වන ශ්‍රේණියට උසස් කරනු ලැබූ
අතර, ඉන් පසු එළඹි,
·
2019
වයඹ පළාත් කාර්යය සාධන තරඟාවලියේ II වන ශ්‍රේණියේ තෙවන ස්ථානය ද
·
2018 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියෙන් කුසලතා
සම්මානයක් ද ලබා ගැනීමට සමත් වූ අතර ප්‍රදේශයේ වසම් 26ක් ආවරණය වන පරිදි විධිමත්
පුස්තකාල සේවාවක් ලබා දීමට පාලන අධිකාරිය මෙන්ම කාර්ය මණ්ඩලය ද කටයතු කරයි.
No comments:
Post a Comment